සූර්යයා උතුරට ගමන් කිරීමේ ක්‍රියාවලියට අනුව, අද (15) දින දහවල් 12:10 ට පණ්ඩතරිප්පු, තෙල්ලිප්පලෙයි, වරුත ලෙයිවිලාන්, වාසවිලාන් සහ මනකාඩු යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය අප්‍රේල් 05 වනදා ආරම්භ වූ මෙම සංසිද්ධිය අවසන් වන අවස්ථානුකූල දිනය අදයි.
මේ අතර, අද පස්වරු 1:00 න් පසු බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තද වැසි ඇති විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු අනතුරු සහ තද සුළං පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි. හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍ර ඉටුකරන මෙම දිනයේ, පවතින උණුසුම් කාලගුණය සහ ගෝලීය බලශක්ති අර්බුද හමුවේ වුවද ජනතාව අවුරුදු සිරිතට මුල්තැන දී කටයුතු කරනු පෙනේ.














