අප්‍රේල් 13 සහ 14 යන දින දෙක තුළ පමණක් කොළඹ ජාතික රෝහල වෙත මාරක රිය අනතුරු 36ක් වාර්තා වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම අනතුරුවලින් පුද්ගල මරණ දෙකක් (02) සිදුව ඇති බව ද තහවුරු කර තිබේ.
අදාළ දත්තයන්ට අනුව අප්‍රේල් 13 වනදා මාර්ග අනතුරු 19ක් වාර්තා වී ඇති අතර, අවුරුදු දිනය වූ ඊයේ (14) දිනය තුළ වාර්තා වී ඇති අනතුරු සංඛ්‍යාව 17කි. මීට අමතරව, ගතවූ පැය 48ක කාලය තුළ විවිධ පුද්ගල ගැටුම් 35ක් ද වාර්තා වී ඇත. ඉන් සිද්ධීන් 14ක් 13 වනදා ද, ඉතිරි සිද්ධීන් 21ක් ඊයේ සහ අද (15) පෙරවරුව තුළ ද වාර්තා වී ඇති බව කොළඹ ජාතික රෝහල වැඩිදුරටත් සඳහන් කරයි.













