නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ ගණනක් වටිනා කහ සහ කජු තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ලොරි රථයක් ද සමඟ කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලැබුණු විශේෂ තොරතුරක් මත ඊයේ (14) නාච්චිකල්ලිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.
එහිදී ලොරි රථය පරීක්ෂා කිරීමේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 742 ක් සහ කජු කිලෝග්‍රෑම් 800 ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු පල්ලිවාසල්තුරේ, කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මෙම භාණ්ඩ තොගය මෙරටට ගෙන්වූ ආකාරය සහ ඒ පිටුපස සිටින ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














