2026 ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ “මගේ ලස්සන පුංචි ගෙදර” චිත්‍ර ප්‍රදර්ශනය පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වී තිබේ.
නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා පාසල් දරු දැරියන් විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙවර ප්‍රදර්ශනය සඳහා දිවයින පුරා පාසල් දරු දැරියන් විසින් චිත්‍ර 3,260ක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. එම චිත්‍ර අතරින් ජයග්‍රාහකයන්ට සහතිකපත් හා කුසලාන ප්‍රදානය කිරීම අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවති ලෝක ජනාවාස දින උත්සවයේදී සිදුකර තිබේ.
“අවශ්‍ය පමණට සැමට සෙවණත” යන තේමාව යටතේ මෙවර ලෝක ජනාවාස දිනය සමරා ඇති අතර, නිවාස අයිතිය, සුරක්ෂිත ජනාවාස සහ සියලු දෙනාට සුදුසු ජීවන පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ සමාජ අවධානය යොමු කිරීම මෙවැනි වැඩසටහන්වල ප්‍රධාන අරමුණ වී තිබේ.
දරු දැරියන්ට සිය කලාත්මක හැකියාවන් හා නිර්මාණශීලී අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීම මෙන්ම නිවාස හා ජනාවාස සංවර්ධනයේ වැදගත්කම පිළිබඳ අවබෝධයක් ලබාදීම ද මෙම චිත්‍ර ප්‍රදර්ශනයේ අරමුණු අතරට අයත් වේ.















