ඇමෙරිකානු නාවික හමුදාව සමඟ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති විය හැකි සෘජු ගැටුමකට පෙරසූදානමක් ලෙස, ඉරානය සිය මිසයිල ප්‍රහාරක වේගවත් යාත්‍රා සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ නංවමින් සිටින බව වාර්තා වේ. පසුගිය අප්‍රේල් 08 වැනිදා ප්‍රකාශයට පත් කළ තාවකාලික සටන් විරාමය සහ සාම සාකච්ඡා පවතින අතරතුර ඉරානය මෙලෙස සිය යුධෝපායී ශක්තිය වර්ධනය කර ගැනීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.
පර්සියානු ගල්ෆ් සහ රතු මුහුද ආශ්රිත මුහුදු මාර්ග අවහිර කිරීමේ අවදානමක් පවතින පසුබිමක, සාකච්ඡා අසාර්ථක වුවහොත් එල්ල විය හැකි ප්රහාරයන්ට මුහුණ දීම සඳහා තෙහෙරාන් පාලනය මෙම යුද යාත්‍රා නිෂ්පාදනය වේගවත් කර ඇත. කලාපීය මුහුදු සීමාවන්හි පාලනය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පවතින මතභේදය තීරණාත්මක මට්ටමකට පැමිණ ඇති අතර, ඕනෑම මොහොතක මහා පරිමාණ හමුදාමය ගැටුමක් ඇතිවීමේ අවදානමක් මේ හරහා පෙන්නුම් කෙරේ.
















