රත්මලාන දුම්රිය වැඩපළේදී සම්පූර්ණයෙන් අලුත්වැඩියා කරන ලද දෙවන S8 දුම්රිය සංචිතය සේවයට එක්වීමට සූදානම් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
එන්ජින් සහ මැදිරි වෙන වෙනම අලුත්වැඩියා කිරීම වෙනුවට සම්පූර්ණ දුම්රිය සංචිතයක් ලෙස අලුත්වැඩියා කිරීමේ වැඩසටහනක් යටතේ මෙලෙස අලුත්වැඩියා කෙරුණු S8-830 දරන දෙවන දුම්රිය සංචිතයේ පරීක්ෂණ ධාවනයක් ඊයේ (06) සාර්ථකව සිදු කර තිබේ. මීට පෙර අලුත්වැඩියා කරන ලද S8-831 දුම්රිය සංචිතය පසුගිය අගෝස්තු 14 වැනි දින පරීක්ෂණ ධාවනය සාර්ථකව නිම කළ අතර, අලුත්ගම දුම්රිය මපළේදී තවත් දුම්රියක් අලුත්වැඩියා කිරීමත් සමඟ මේ වසර තුළ මෙලෙස අලුත්වැඩියා කර සේවයට එකතු කළ දුම්රිය සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම නව දුම්රිය සංචිතය නුදුරු දිනකදීම කොළඹ උපනගරික දුම්රිය මාර්ගවල මගී ප්‍රවාහන සේවය සඳහා යෙදවීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
















