මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය දැනටමත් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අද (16) නිවේදනය කළේය මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය ආර්ථික අවධමනයක් (Deflation) සහ ආර්ථික වර්ධන වේගය අඩාල වීමේ අවදානමක් පවතින බව එම අරමුදල සිය නවතම පුරෝකථනයන් මඟින් පෙන්වා දෙයි
මෙම යුද්ධය සීමිත කාලයක් පවතිනු ඇතැයි උපකල්පනය කළ ද 2026 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 3.1% දක්වාත් 2027 වසරේදී 3.2% දක්වාත් මන්දගාමී වනු ඇතැයි ගණන් බලා තිබේ විශේෂයෙන්ම මැදපෙරදිග බලශක්ති සැපයුමට බාධා එල්ල වීම නිසා 2026 වසරේදී ගෝලීය උද්ධමනය සුළු වශයෙන් ඉහළ යා හැකි අතර එය 2027 වසරේදී යළි පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිරතා සහ ඉන්ධන මිල ඉහළ යාම ලෝකයේ ප්‍රමුඛ පෙළේ ආර්ථිකයන්ට දැනටමත් අභියෝගයක් වී ඇති බව IMF වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි














