චීනය සහ ඉතාලිය අතර පවතින ආර්ථික හා වෙළඳ සබඳතාවල ඇති “විභවතාවයන්” උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට චීනය සූදානම් බව එරට වාණිජ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ (Wang Wentao) ප්‍රකාශ කළේය. ඊයේ (16) බෙයිජිං නුවරදී ඉතාලි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ ටජානි (Antonio Tajani) සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ.
චීන වාණිජ අමාත්‍යාංශය අද (17) නිකුත් කළ නිවේදනයකට අනුව, දෙරට අතර විද්‍යුත් වාණිජ්‍යය (E-commerce), කෘෂිකර්මාන්තය සහ ආහාර, සෞඛ්‍ය සේවා මෙන්ම කාර්මික උද්‍යාන (Industrial Parks) වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට චීනය කැමැත්ත පළ කර ඇත. යුරෝපීය රටවල් සමඟ පවතින වෙළඳ සබඳතා යාවත්කාලීන කර ගැනීමට චීනය දරන උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස මෙම හමුව හැඳින්විය හැකිය.














