දකුණු කොරියාවේ සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් (Samsung Electronics) සමාගමේ සේවක සංගමය විසින් එළඹෙන අප්‍රේල් 23 වැනිදා දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්වීමට තීරණය කර ඇති බව අද (17) නිවේදනය කළේය. වැටුප් වැඩිකිරීම් සම්බන්ධයෙන් පාලනාධිකාරිය සමඟ පවතින සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර, ඒ සඳහා සේවකයන් 40,000 ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම විරෝධතාවය හරහා පාලනාධිකාරියට දැඩි බලපෑමක් එල්ල කිරීමට සේවක සංගමය බලාපොරොත්තු වන අතර, ඉල්ලීම් ඉටු නොවන්නේ නම් ඉදිරියේදී වැඩවර්ජනයකට අවතීර්ණ වීමට ද ඔවුන් සූදානමින් සිටින බව වාර්තා වේ. ලොව ප්‍රමුඛතම තාක්ෂණික නිෂ්පාදන සමාගමක් වන සැම්සුන් හි මෙවැනි දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සිදුවන්නේ වසර ගණනාවකට පසුව වීම විශේෂත්වයකි. මෙම තත්ත්වය සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියට මෙන්ම ගෝලීය ඉලෙක්ට්‍රොනික වෙළඳපොළට ද බලපෑමක් ඇති කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














