නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. තේ වත්තක ඉඩමකට පිවිසෙන මාර්ගයක ධාවනය වූ මෙම රථය අසල පිහිටි විහාරස්ථානයක මායිම් බැම්ම මතට පෙරළී නතර වී ඇත.
අනතුරට පත් වූ පිරිස තමන් පානීය ජලය ලබාගන්නා නළ මාර්ගයේ පවතින අවහිරතාවයක් පරීක්ෂා කිරීම සඳහා ජල ටැංකිය වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ. තුවාල ලැබූ තිදෙනා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අනතුරින් වෑන් රථයට ද දැඩි හානි සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














