දකුණු පළාත සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට බලපාන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
දකුණු පළාතට අමතරව කොළඹ, කළුතර, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේදී (පස්වරු 1.00න් පසුව) ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ ඉහළ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකිය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා එළිමහන් ස්ථානවල හෝ ගස් යට රැඳී නොසිටින ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.













