ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා එළැඹෙන අප්‍රේල් 19 සහ 20 යන දෙදින තුළ මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතය.
ඉන්දීය උප ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට ද මෙහිදී සැලසුම් කර තිබේ.
මෙරට දේශපාලන සහ ප්‍රජා නායකයින් හමුවීමට අමතරව, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘති සහ ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ.
ඉන්දීය රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ද උප ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්වනු ඇත.













