දික්වැල්ල, වැව්රුකන්නල බුදු රජමහා විහාරයේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ පෞරාණික වටිනාකමකින් යුත් කඩුවක් සොරකම් කර ඇති බවට විහාරාධිපති හිමියන් දික්වැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
විහාරාධිපති හිමියන් සඳහන් කරන පරිදි, කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබූ අඩි දෙකක් පමණ දිග මෙම ලෝහමය පෞරාණික කඩුව ඉකුත් 15 වන දින සවස 5න් පසුව කිසිවෙකු විසින් සොරාගෙන ඇත.
දික්වැල්ල පොලිසිය මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ලබන 20 වන දින මේ පිළිබඳව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.












