සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් තාවකාලිකව වසා තැබූ දිවයිනේ සියලුම රජයේ සහ රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල්වල අධ්‍යයන කටයුතු හෙට (20) සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අප්‍රේල් මස 11 වනදා සිට අද (19) දින දක්වා දින නවයක කාලයක් පාසල් සඳහා නිවාඩු ලබා දී තිබුණි. හෙටින් ආරම්භ වන නව පාසල් වාරය එළඹෙන ජූලි මස 24 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වීමට නියමිත බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














