පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික බිඳවැටීමක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් හෙට (20) සිට නැවත ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, පසුගිය 17 වනදා සිට ක්‍රියාත්මක නොවූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම සේවාවන් හෙට සිට සාමාන්‍ය පරිදි ලබා ගැනීමට මහජනතාවට අවස්ථාව හිමි වේ. පද්ධතියේ ඇති වූ හදිසි දෝෂය මේ වන විට නිවැරදි කර ඇති බැවින්, මින් පෙර දින වෙන් කරවා ගත් සහ සේවාවන් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ජනතාවට හෙට සිට දෙපාර්තමේන්තුව වෙත පැමිණිය හැකිය.














