ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල ප්‍රකාශ නිකුත් කරමින් සිටින පිරිස්වලට, ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට දැන් විශේෂ ජනාධිපති කොමිසම හමුවට පැමිණිය හැකි බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද (අප්‍රේල් 20) ප්‍රකාශ කළේය.
ගල් අඟුරු වංචාව පිළිබඳව හුදෙක් වේදිකාවල කටමැත දොඩවන්නේ නැතිව, ඒ සම්බන්ධයෙන් ඇති සාක්ෂි විශේෂ ජනාධිපති කොමිසම හමුවේ ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් ද වෙනම විමර්ශනයක් ක්‍රියාත්මක වන බැවින් අවශ්‍ය ඕනෑම අයෙකුට ඒ සඳහා ද කරුණු ඉදිරිපත් කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම වංචාව සිදුකර ඇත්තේ වර්තමාන රජය ද නැතහොත් ඉතිහාසයේ පැවති රජයන් ද යන්න ඉදිරියේදී පැහැදිලිව අනාවරණය කරගත හැකි වනු ඇතැයි ද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.












