සැකකරු විසින් අදාළ බැංකුවේ නිල වෙබ් අඩවියට බෙහෙවින් සමාන ව්‍යාජ අතුරු මුහුණතක් සහිත වෙබ් අඩවියක් නිර්මාණය කර, පාරිභෝගිකයන් මුළා කර රුපියල් 1,000,024 ක මුදලක් වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු වාරියපොළ පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර, අද (අප්‍රේල් 21) දින ඔහු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
මෙවැනි පරිගණක අපරාධවලින් ආරක්ෂා වීම සඳහා ඕනෑම බැංකු ගනුදෙනුවකදී වෙබ් අඩවියේ ලිපිනය (URL) නිවැරදිදැයි පරීක්ෂා කරන ලෙසත්, සැක සහිත ලින්ක් (Links) හරහා ගොස් තම රහස්‍ය තොරතුරු ඇතුළත් නොකරන ලෙසත් පොලිසිය මහජනතාවට අනතුරු අඟවයි.















