පස්වරු 5:30ට පමණ ඇද හැලුණු තද වැස්සත් සමඟ මිනිත්තු කිහිපයක් පුරා හමාගිය මෙම ප්‍රබල සුළඟ හේතුවෙන් නිවාසවල වහලවල් ගැලවී ගොස් මීටර් 120ත් 300ත් අතර දුරකට විසි වී ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති. එක් නිවසක ඉහළ මාලයේ මවක සහ කුඩා දරුවකු රැඳී සිටි අවස්ථාවක එම නිවසේ වහලය ද සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් ඇති අතර, වාසනාවකට මෙන් ඔවුන්ට අනතුරක් සිදු වී නොමැත.
සුළඟේ බලපෑමෙන් ප්‍රදේශයේ ගස්කොළං රැසක් ද කඩාවැටී ඇති අතර, සිදුවූ දේපළ හානි පිළිබඳව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. පීඩාවට පත් පවුල් සඳහා කඩිනම් සහන සලසන ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.














