තිස් වසරක යුද්ධය හේතුවෙන් වසා දමා තිබූ මෙම රෝහල යුද්ධයෙන් පසුව යළි විවෘත වුවද, එහි පැවති යටිතල පහසුකම් අවම මට්ටමක පැවතිණි. රෝහල් සංවර්ධන සමිතියේ මූලිකත්වයෙන් සහ ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙන්ම සී.අයි.සී. (CIC) ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් රුපියල් කෝටි එකහමාරක වියදමින් මෙම නව ගොඩනැඟිල්ල ඉදිකර ඇත.
කල්මුණේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා සහිලා රාණි ඉෂධින් මහත්මිය සහ සී.අයි.සී. ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ වරුණ මදවන ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි. මීට පෙර රෝහලේ බාහිර රෝගී අංශය සහ වාට්ටු සංකීර්ණය පමණක් ක්‍රියාත්මක වූ අතර, මෙම නව මාතෘ සායන ගොඩනැඟිල්ල විවෘත වීමත් සමඟ ප්‍රදේශයේ ගැබිනි මව්වරුන්ට සහ දරුවන්ට සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම වඩාත් පහසු වනු ඇත.
මෙම අවස්ථාවට දීඝවාපි රජමහා විහාරාධිපති පෝද්දිවෙල චන්දානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය, හින්දු සහ මුස්ලිම් පූජකවරුන් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රභූවරුන් රැසක් සහභාගී වූහ.














