අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන අප්‍රේල් මාසයේ දීමනා අද (අප්‍රේල් 22) බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගත් බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
ඒ අනුව ප්‍රතිලාභීන් 689,931 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 3,449.65ක මුදලක් බැර කෙරෙනු ඇත. මෙහිදී පළමු අදියර යටතේ වැඩිහිටියන් 617,406 දෙනෙකුට රුපියල් මිලියන 3,087.03ක් ද, දෙවැනි අදියර යටතේ වැඩිහිටියන් 72,525 දෙනෙකුට රුපියල් මිලියන 362.62ක් ද වශයෙන් මෙම ගෙවීම් සිදු කිරීමට නියමිතය.
මෙමඟින් දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී වැඩිහිටි ප්‍රජාවට සිය අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විශාල සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














