ඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ Treasury Wine Estates (TWE) සමාගම සිය මෙහෙයුම් කටයුතු සරල කිරීමට සහ පිරිවැය අඩු කිරීමට හඳුන්වා දුන් නව ප්‍රාදේශීය ආකෘතිය හේතුවෙන්, එරට කොටස් වෙළෙඳපොළේ එම සමාගමේ කොටස් මිල 19.8% කින් ඉහළ ගොස් තිබේ. මෙය 2014 වසරෙන් පසු එම සමාගම ලැබූ ඉහළම දෛනික වර්ධනය ලෙස අද (අප්‍රේල් 22) වාර්තා වේ.
ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන මෙම නව සැලසුම යටතේ සමාගම කලාප හතරකට (ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව/යුරෝපය, චීනය සහ නැඟී එන වෙළෙඳපොළවල්) බෙදා පාලනය කිරීමට නියමිතය. මීට අමතරව සිය මූල්‍ය ශක්තිය ඉහළ නැංවීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 300ක නව ණය පහසුකමක් ලබා ගැනීමට ද සමාගම සමත්ව ඇත.
ඉරාන-ඇමෙරිකානු ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ පවතින වියදම් ඉහළ යාම සිය සමාගමේ ලාභයට දැඩි බලපෑමක් එල්ල නොකරනු ඇතැයි Treasury Wine විශ්වාසය පළ කරයි. විශේෂයෙන්ම චීන වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ “Penfolds” වයින් සන්නාමයට පවතින ඉහළ ඉල්ලුම සමාගමේ වර්ධනයට ප්‍රධාන හේතුවක් වී තිබේ.













