ඊයේ (22) පැවති ගනුදෙනු වාරයේදී ද්විතීයික සුරැකුම්පත් වෙළඳපොළේ (Secondary Market) ඉතා සීමිත ගනුදෙනු ප්‍රමාණයක් සහ අඩු වෙළඳ පරිමාවක් වාර්තා වූ බව First Capital Research ආයතනය සඳහන් කරයි. මෙහිදී 2028 වසරේ කල් පිරෙන බැඳුම්කර 9.67% සහ 9.90% අතර අගයක ද, 2029 වසරේ කල් පිරෙන බැඳුම්කර 9.93% සහ 10.00% අතර අගයක ද ගනුදෙනු විය.
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී රුපියල් බිලියන 110 ක මුදලක් රැස්කර ගැනීමට රජය සමත් වූ අතර, එහිදී මාස තුන සහ මාස හය කල් පිරෙන බිල්පත්වල සාමාන්‍ය පොලී අනුපාත පිළිවෙළින් 8.27% සහ 8.23% දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. මාස 12 කල් පිරෙන බිල්පත්වල පොලී අනුපාතය 8.52% ක් ලෙස ස්ථාවරව පැවතිණි.
විදේශ විනිමය වෙළඳපොළ දෙස බැලීමේදී, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අගය අඩු වී ඇති අතර, ඩොලරයක මිල රුපියල් 316.46 ක් ලෙස සටහන් විය. මේ අතර බැංකු පද්ධතියේ පවතින අතිරික්ත ද්‍රවශීලතාව (Liquidity) රුපියල් බිලියන 123.32 සිට රුපියල් බිලියන 151.01 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.














