ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (ලක්ෂ 25ක) මුදලක් හැකර්වරුන් විසින් අත්පත් කරගෙන ඇත්තේ ව්‍යාජ තොරතුරු ලබාදී නොමග යැවීමේ “ෆිෂින්ග් ඇටෑක්” (Phishing Attack) ක්‍රමවේදය හරහා බව පරිගණක විශේෂඥයෝ අනාවරණය කරති. විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිටිමින් වරින් වර ඉදිරිපත් කළ ව්‍යාජ තොරතුරු මත මෙම දැවැන්ත මූල්‍ය වංචාව සිදුකර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.
අහිමි වූ මෙම මුදල් නැවත ලබා ගැනීම තාක්ෂණික අභියෝග රැසක් මධ්‍යයේ සිදු කළ යුතු ඉතා සංකීර්ණ කටයුත්තක් බව එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමණුපොළ මහතා ප්‍රකාශ කළේය. මේ අතර, සිද්ධියේ බරපතලකම සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යාංශය ඊයේ දිනයේදී විශේෂ සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති බව වාර්තා වේ. ඩිජිටල් ආරක්ෂණ පද්ධතිවල පවතින දුර්වලතා උපයෝගී කරගනිමින් සිදුවූ මෙම මූල්‍ය කොල්ලය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.














