ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය ඉලක්ක කර ගනිමින් එල්ල වූ වෙඩි තැබීමේ ප්‍රයත්නය ව්‍යර්ථ කිරීමට සමත් වූ සිය ආරක්ෂක නිලධාරීන්ගේ සේවය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහත් අභිමානයෙන් යුතුව අගය කර තිබේ.
ධවල මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා සඳහන් කළේ, සන්නද්ධව පැමිණි සැකකරු ආරක්ෂක මුරපොලක් වෙත කඩා වැදීමට උත්සාහ කළ අවස්ථාවේදී රහස් ඔත්තු සේවයේ (Secret Service) නිලධාරීන් ඉතා කඩිනමින් සහ නිර්භීතව ක්‍රියාත්මක වූ බවයි. “ඔවුන් ඉතා දක්ෂ ලෙස එම පුද්ගලයා බිම හෙළා මෙල්ල කරගත්තා,” යැයි පවසමින් ට්‍රම්ප් ආරක්ෂක අංශ වෙත සිය ප්‍රශංසාව එක් කළේය.
මෙම සිදුවීමේදී ආරක්ෂක නිලධාරීන් දැක්වූ ක්ෂණික ප්‍රතිචාරය හේතුවෙන් විශාල විපතක් වළක්වා ගැනීමට හැකි වූ බවත්, ඔවුන්ගේ වෘත්තීය නිපුණත්වය සහ කැපවීම පිළිබඳව තමන් ආඩම්බර වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. අත්අඩංගුවට ගත් 31 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් මේ වන විට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතී.













