නිවාඩු ලබා නිවසට පැමිණ සිටි යුද හමුදා සෙබළෙකු, “හෑෂ්” (Hashish) මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලැබුණු රහස් තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකාර සෙබළාගේ නිවසේදීම මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 250ක් තිබී ඇති බව පොලිසිය පවසයි. මෙම සෙබළා 26 හැවිරිදි වියේ පසුවන ආධුනික සෙබළෙකු බවට හඳුනාගෙන තිබේ.
මෑතකාලීනව මත්ද්‍රව්‍ය වැටලීම් දැඩි කර ඇති පසුබිමක, ආරක්ෂක අංශ සාමාජිකයින් මෙවැනි ජාවාරම්වලට සම්බන්ධ වීම පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














