මුළු මහත් ශාසනයම කම්පනයට පත් කරමින් සහ මෙරට ආරක්ෂක අංශ පවා මවිතයට පත් කරමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉතිහාසයේ වාර්තා වූ බරපතලම සහ නින්දිතම මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු ඊයේ (25) රාත්‍රියේ අනාවරණය වුණා. පූජනීය වූ සිවුරට මුවාවී, ශාසනික වටිනාකම් අමු අමුවේ කෙලෙසමින් මෙරට තාරුණ්‍යය විනාශ කිරීම සඳහා රැගෙන ආ දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් බුද්ධි අංශ නිලධාරීන්ගේ සූක්ෂ්ම මෙහෙයුමකින් කොටු කර ගැනීමට හැකිව තිබෙනවා. ගුවන් තොටුපොළ පරිශ්‍රය උණුසුම් කරමින් සිදුකළ මෙම වැටලීමත් සමඟ හෙළිවූ කරුණු කිසිවෙකුත් අපේක්ෂා නොකළ තරම් භයානක මෙන්ම පිළිකුල් සහගතය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකළ මෙම වැටලීමේදී රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භික්ෂූන් වහන්සේලා 22 නමකගේ වෙස් ගත් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති අතර, ඔවුන් රැගෙන ආ ගමන් මළු තුළ තිබූ පාසල් උපකරණ සහ රසකැවිලි අතර ඉතා සූක්ෂ්ම ලෙස සකස් කළ ව්‍යාජ පතුල් තුළ සඟවා තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 110කට අධිකයි. සෑම අයෙකුගේම ගමන් මල්ලක කිලෝග්‍රෑම් 05කට අධික මත්ද්‍රව්‍ය තිබී ඇති අතර, මොවුන් තායිලන්තයේදී ගිහි වෙස් ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වූ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ද ඔවුන්ගේ ජංගම දුරකථන හරහා අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ උසස් අධ්‍යාපනය හදාරන බව කියන දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණ භික්ෂූන් පිරිසක් වන අතර, ඔවුන් අද (26) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. කිසියම් අනුග්‍රහකයෙකුගේ මැදිහත්වීමෙන් සිදුවූ මෙම මහා පරිමාණ ජාවාරම, සිවුරේ ගෞරවය යොදාගෙන මෙරට ඉතිහාසයේ භික්ෂූන් පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ ප්‍රථම අවස්ථාව ලෙස කළු අකුරින් සටහන් වනු ඇත. ආගමික ලේබලයට මුවාවී මරණයේ වෙළඳාම මෙරටට ගෙන ඒමට දරන මෙවැනි උත්සාහයන් පරාජය කිරීම මුළු මහත් සමාජයේම වගකීමක් වන අතර, මෙවැනි පාපතර ක්‍රියාවලට දිය හැකි ඉහළම දඬුවම නීතියෙන් බලාපොරොත්තු විය යුතුමය.














