ප්‍රබල එල් නීනෝ කාලගුණික තත්ත්වයක් හේතුවෙන් ලෝකයේ අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල තවත් මිලියන 49 කට ආසන්න පිරිසක් දැඩි ආහාර අනාරක්ෂිතභාවයකට පත්වීමේ අවදානමක් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පවසයි.
මෙම බලපෑම නිසා ගෝලීය වශයෙන් දැඩි කුසගින්නට මුහුණ දෙන ජනගහනය මිලියන 274 දක්වා ඉහළ යා හැකි අතර, මධ්‍යම අමෙරිකාව සහ දකුණු අප්‍රිකාව දැඩි ලෙස පීඩාවට පත්වනු ඇත. මැදපෙරදිග ගැටුම්, කාලගුණික විපර්යාස සහ අරමුදල් කප්පාදුව හේතුවෙන් ආහාර මිල ඉහළ යාමේ අවදානමක් මතුව තිබුණද, පීඩාවට පත් පිරිසට අවශ්‍ය ආධාර ලබා දීමට මේ වන විටත් පියවර ගනිමින් සිටින බව WFP සඳහන් කරයි.













