පසුගියදා පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් ධාවනය අත්හිටුවා තිබූ “සාගරිකා” වේගගාමී දුම්රිය හෙට (27) සඳුදා සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
අදාළ පීලි පැනීමෙන් පසු දුම්රිය මාර්ගය සහ මැදිරිවල සිදුකළ අලුත්වැඩියා කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බැවින්, හෙට සිට කිසිදු බාධාවකින් තොරව නියමිත කාලසටහනට අනුව ධාවන කටයුතු සිදුකෙරෙනු ඇත. වෙරළබඩ මාර්ගයේ කාර්යාල සේවකයින් සහ දෛනික මගීන් වැඩි වශයෙන් භාවිත කරන මෙම දුම්රිය යළි ධාවනයට එක් කිරීම මගී ජනතාවට මහත් සහනයක් වනු ඇත.














