ගල්ඔය වැවිලි සමාගමට අයත් හිඟුරාණ සීනි කම්හලේ උක් වගා බිම්වල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් බලහත්කාරයෙන් වී වගා කිරීම ආරම්භ කර තිබේ. උක් වගා කිරීමෙන් තමන්ට ආර්ථික වාසියක් නොමැති බවත්, එම වගාව හේතුවෙන් තමන් වාර්ෂිකව ණයගැති වන බවත් පවසමින් ගොවීන් මෙම පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ ලබන වසරේ සීනි නිෂ්පාදනය සඳහා අවශ්‍ය උක් අස්වැන්න අඩු වී කර්මාන්ත ශාලාව යළිත් වසා දැමීමට සිදුවනු ඇතැයි එහි සේවකයෝ බිය පළ කරති. ඉඩම් ලබා දී ඇත්තේ උක් වගා කිරීමට පමණක් යන කොන්දේසිය මත වුවද, බලහත්කාරයෙන් සිදුකෙරෙන මෙම වී වගාව නැවැත්වීමට පොලිසිය හෝ රජය නිසි පරිදි මැදිහත් නොවන බව කම්හලේ බලධාරීන් චෝදනා කරයි. සීනි කර්මාන්තයේ අනාගතය සුරැකීමට වහාම රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති.














