පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන බලපිටිය සහ හලාවත අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් අද දින ප්‍රසිද්ධියේ දහනය කර විනාශ කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි. ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම අද උදෑසන 09.00 ට පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති විශේෂ දහන උඳුන තුළදී සිදු කිරීමට නියමිතය. මෙහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 22යි ග්‍රෑම් 888ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 33යි ග්‍රෑම් 172ක් මෙන්ම ගංජා කිලෝග්‍රෑම් 247යි ග්‍රෑම් 940ක් දහනය කර විනාශ කරනු ලබයි. අදාළ මත්ද්‍රව්‍ය තොග අද උදෑසන බලපිටිය සහ හලාවත මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයන්හි සිට විශේෂ ආරක්ෂාවක් සහිතව දහන උඳුන වෙත රැගෙන යාමට කටයුතු යොදා තිබූ බව පොලිසිය වැඩිදුරටත් වාර්තා කරයි.














