මෙරට වෙළඳපොළේ ප්‍රීමා සමාගම මගින් අලෙවි කරනු ලබන තිරිඟු පිටි මිල අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබේ. ප්‍රවාහන ගාස්තු ඉහළ යාම මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ් වර්ගයේ පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇත.
මෙම මිල සංශෝධනයත් සමඟ මීට පෙර රුපියල් 220ක්ව පැවති පාන් පිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 225ක් දක්වා ඉහළ යනු ඇත. හදිසියේ සිදුවූ මෙම මිල ඉහළ යාම හේතුවෙන් පාන් ඇතුළු පිටි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් කෙරෙහිද ඉදිරියේදී බලපෑමක් එල්ල වනු ඇතැයි පාරිභෝගිකයෝ අපේක්ෂා කරති.













