පැලවත්තේ පිහිටි මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ (28) පැවැති විරෝධතාවයකට එල්ල වූ අසූචි ප්‍රහාරය සම්බන්ධයෙන් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් අද (29) තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වන තොරතුරු මෙසේය:
අතුරුදන් වූ බව පැවසෙන අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල සම්බන්ධයෙන් වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් මුදල් ලේකම්වරයාගේ නිවස ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
විරෝධතාව අතරතුර එහි පැමිණි පිරිසක් තමන් ගම්වාසීන් බව පවසමින් විරෝධතාකරුවන්ට මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඒ හේතුවෙන් දෙපිරිස අතර දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇත.
මෙම ප්‍රහාරය එල්ල කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසක් බවට විරෝධතාකරුවන් චෝදනා කරන අතර, ඊට සම්බන්ධ බව කියන පුද්ගලයන් 13 දෙනෙකුගේ නම් ද පොලිස් පැමිණිල්ලට ඇතුළත් කර තිබේ.














