ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය වෙනුවෙන් මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 25ක මුදලක් වැය වී ඇති බව පෙන්ටගනය ප්‍රකාශ කර තිබේ. පෙන්ටගන නිලධාරී ජූල්ස් හර්ස්ට් පෙන්වා දෙන්නේ ඉන් වැඩිම පිරිවැයක් වැය වී ඇත්තේ යුධෝපකරණ සහ පතරොම් සැපයීම වෙනුවෙන් බවයි.
පවතින හදිසි ආරක්ෂක අවශ්‍යතා සලකා බලමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2027 මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් ට්‍රිලියන 1.5ක දැවැන්ත ආරක්ෂක අයවැයක් යෝජනා කර ඇත. මෙම ඉල්ලීම වර්තමානයේ පවතින යුදමය අවශ්‍යතාව මනාව පිළිබිඹු කරන්නක් බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් අවධාරණය කර තිබේ.














