නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක නවාතැන්ගෙන සිටි වෛද්‍යවරියන් පිරිසකගේ පෞද්ගලික දසුන් ජංගම දුරකථන මගින් රූගත කිරීමේ චෝදනාව මත වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා හෝටලයට පැමිණ සිටි වෛද්‍යවරියන් දිය නාමින් සිටියදී මෙම පිරිස ඔවුන්ව රූගත කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එමෙන්ම, පිරිමි පුද්ගලයින්ගේ ද දර්ශන ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, අත්අඩංගුවට ගත් ක්‍රීඩකයින් මෙම දර්ශන අන්තර්ජාලයට මුදාහැර තිබේද යන්න පිළිබඳව නාරාහේන්පිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර ක්‍රීඩකයින් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.














