සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි ආටෙමිස් 2 (Artemis II) මෙහෙයුමේ නිරත වූ ගගනගාමීන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ හමුවක් ඊයේ (29) ධවල මන්දිරයේදී සිදු විය.ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් මෙවැනි සඳ මෙහෙයුමක් සඳහා තමාට ද සහභාගී වීමේ හැකියාවක් පවතින්නේ දැයි විමසා ඇති අතර ඒ සඳහා නාසා (NASA) පරිපාලක නිලධාරීන් එකඟතාව පළ කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.














