මත්පැන් පානය කර යතුරුපැදිවලින් ගමන් ගත් කාන්තාවන් සිව්දෙනෙකු අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හොරණ සහ ගෝනපල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26, 27, 28 සහ 29 යන වයස්වල පසුවන කාන්තාවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. මොවුන් හොරණ, රෙමුණ බැල්ලපිටියේ පිහිටි ආඳාදොලේ දිය නෑමට ගොස් මත්පැන් පානය කර ආපසු නිවෙස් බලා ගමන් කරමින් සිටියදී අඟුරුවාතොට පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන්ට හසු වී තිබේ.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම කාන්තාවන් සිව්දෙනාම එකම ස්ථානයකදී අත්අඩංගුවට ගත් බවයි. මොවුන් කලක පටන් මෙලෙස ආඳාදොලට පැමිණ දිය නා මත්පැන් පානය කර යතුරුපැදිවලින් ගමන් කිරීමට හුරුවී ඇති බවත්, ඔවුන් අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත.














