හබරාදුව ප්‍රාදේශීය සභාව අසල ලියනගොඩ දුම්රිය හරස් මාර්ගයේදී පියා සහ පුතා ගමන් කළ ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් බරපතල අනතුරක් සිදුව ඇති බව හබරාදුව පොලිසිය පවසයි. අනතුරින් තුවාල ලැබූ දෙදෙනාම මේ වන විට රෝහල් ගත කර තිබේ.
අනතුරට පත්ව ඇත්තේ ඉමදුව පරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන පියෙකු සහ දරුවෙකි. හබරාදුව පෙර පාසලේ සිට දරුවා කැඳවාගෙන එමින් සිටියදී ගාල්ලේ සිට මාතර දෙසට ධාවනය වූ මන්දගාමී දුම්රියේ මෙම ත්‍රිරෝද රථය ගැටී ඇත. ත්‍රිරෝද රථය දුම්රියේ වදිනවාත් සමඟම කුඩා දරුවා ඉන් පිටතට විසි වී ගොස් තිබේ.
තුවාල ලැබූ පියා සහ පුතා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි.














