ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙරළ තීරයන් ආශ්‍රිතව අප්‍රේල් මාසය තුළ සිදුකළ මෙහෙයුම් මගින් දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් 19 දෙනෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමත්ව තිබේ. මෙම පිරිස අතරට විදේශිකයින් 14 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු ඇතුළත් වන අතර, ඔවුන් ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, රුසියාව, ස්විට්සර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල සංචාරකයින් වේ.
වයස අවුරුදු 5 සිට 62 දක්වා වූ මෙම පිරිස බේරාගනු ලැබුවේ දිවයින පුරා ස්ථාපිත කර ඇති වෙරළාරක්ෂක මුරපොළවල් 16ක් මගින් නිරන්තරයෙන් අවධානය යොමු කරමින් සිටියදීය. 2010 වසරේ වෙරළාරක්ෂක බලකාය ස්ථාපිත කළ දා සිට මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් 2,629 දෙනෙකු බේරා ගැනීමට හැකි වී ඇති අතර, ඉන් 1,221 දෙනෙකු විදේශීය සංචාරකයින් වීම විශේෂත්වයකි.













