දෙමටගොඩ ප්‍රධාන දුම්රිය ධාවනාගාරය අසලදී දුම්රියක් පීලි පැන ඇති බැවින් සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව වාර්තා වේ. පීලි පැන ඇති දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් කඩිනමින් පිරිස් යොදවා ඇති අතර එම කටයුතු වේගවත්ව සිදු කෙරෙමින් පවතී.
මෙම හදිසි පීලි පැනීම හේතුවෙන් දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාව අවම කිරීමට සහ දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.














