දෙමටගොඩ ප්‍රධාන දුම්රිය ධාවනාගාරය අසලදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබේ. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග කිහිපයකම දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී ඇති අතර සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව වාර්තා වේ.
පීලි පැනීමට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් මේ වන විටත් කටයුතු කරමින් සිටින අතර, මගීන්ට සිදුවන අපහසුතාව අවම කිරීමට පියවර ගනිමින් සිටී. මෙම තත්ත්වය හේතුවෙන් කාර්යාල දුම්රිය ඇතුළු ගමන් වාර කිහිපයක් නියමිත වේලාවට වඩා ප්‍රමාද විය හැකි බව දුම්රිය බලධාරීන් දැනුම් දෙයි.














