සමගි ජන බලවේගය (සජබ) විසින් අද (01) පස්වරුවේ කොළඹදී සංවිධානය කර තිබූ මැයි දින රැලිය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. සාමාන්‍යයෙන් මැයි දින රැලි ආවරණය කිරීමේදී මාධ්‍යවේදීන්ට සහ ඡායාරූප ශිල්පීන්ට හිමිවන ඉදිරි පෙළ අවස්ථාව අද දින අහිමි කර ඇති අතර, ඔවුන් රැලියේ පසුපස කොටස වෙත බලහත්කාරයෙන් යොමු කිරීමට කටයුතු කර තිබේ.
මෙම අසාධාරණ ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින්, රැලිය ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් සහ විශේෂයෙන්ම ඡායාරූප ශිල්පීන් රැලියෙන් ඉවත්ව යාමට (walk out) කටයුතු කර ඇත. සාමාන්‍ය දේශපාලන රැලිවලදී මාධ්‍ය ආවරණ කටයුතු සඳහා පවතින නිදහස අද දින අවහිර වීම සම්බන්ධයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.














