දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යළි ගොඩනැංවීම සඳහා රුපියල් කෝටි 50,000ක මුදලක් වෙන් කර ඇති බවත්, එම මුදල් රුපියල් 5000 නෝට්ටු අලුතින් අච්චු ගසා ලබාගත් ඒවා නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
මෙම අරමුදල් නිසි මූල්‍ය කළමනාකරණය සහ රජයේ ආදායම් උපයෝගී කරගනිමින් වෙන් කළ ඒවා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජනතාවට සහන සැලසීමේදී රටේ ආර්ථික ස්ථාවරත්වයට හානියක් නොවන පරිදි කටයුතු කරන බව අවධාරණය කළේය. පීඩාවට පත් ජනතාවට අවශ්‍ය නිවාස, ජීවනෝපාය මාර්ග සහ යටිතල පහසුකම් කඩිනමින් ප්‍රතිස්ථාපනය කිරීම රජයේ මූලික වගකීමක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ආපදා කළමනාකරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන විනිවිදභාවයකින් යුතුව වැය කරන බවත්, ජනතාවගේ යහපත උදෙසා මෙවැනි දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට රජය පසුබට නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.














