ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා වත්මන් රජය දැඩි ලෙස විවේචනය කරමින් පවසා සිටියේ, ආණ්ඩුවේ ප්රධාන තනතුරුවල වෘත්තීය සමිති නායකයින් සිටියද, ගුරු සහ විදුහල්පතිවරුන් ඇතුළු වැඩකරන ජනතාවගේ කිසිදු සාධාරණ ඉල්ලීමක් මෙතෙක් ඉටුකර නොමැති බවයි.
මැයි දින සැමරුම් අමතමින් ඔහු අවධාරණය කළේ, බලයට පත්වීමට පෙර ලබාදුන් පොරොන්දු අමතක කර ජනතාව රවටන “බොරුවට” තමන් කිසිසේත්ම යටත් නොවන බවයි. වෘත්තීය සමිති අයිතිවාසිකම් සහ වැටුප් විෂමතා ඇතුළු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත්, ඒ වෙනුවෙන් අඛණ්ඩව අරගල කරන බවත් ස්ටාලින් මහතා මෙහිදී වැඩිදුරටත් ප්රකාශ කළේය.














