ඉස්ලාම් ආගමට අපහාස කර ආගමික සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් නීතීපතිවරයා පවරා ඇති නඩුවකට අදාළව, බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ (30) නියම කළේය.
2014 වසරේදී කොළඹ පැවැති උත්සවයකදී සිදුකළ ප්‍රකාශයක් මඟින් ආගමික විශ්වාසයන්ට නින්දා කළ බවට උන්වහන්සේට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිචෝදනා ගොනු කර ඇත. නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර, එහිදී පිටු 76කින් යුත් අධිචෝදනා පත්‍රය උන්වහන්සේ වෙත බාර දෙනු ලැබීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත උන්වහන්සේ මුදාහැරීමට නියෝග කළේය. නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූනි මස 01 වැනිදා පැවැත්වීමට නියමිතය.














