ජා-ඇල පොලිස් වසමේ ඒකල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකාරියක් ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 මැයි මස 01 වන දින රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 67.5ක් (මත්පැන් බෝතල් 90ක්) සොයා ගැනීමට පොලිසිය සමත්විය. අත්අඩංගුවට ගත් සැකකාරිය 62 හැවිරිදි ඒකල ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම ජාවාරම සම්බන්ධයෙන් ජා-ඇල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.














