පන්නල පොලිස් වසමේ හුණුවිල ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 මැයි මස 01 වන දින පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි හුණුවිල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. සැකකරු සහ අත්අඩංගුවට ගත් ගිනි අවිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පන්නල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් පන්නල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.














