විශාල සම්පත් ප්‍රමාණයක් ඇති මේ රට නාස්ති වුණේ පාලකයන්ගේ තිබූ දූෂණය සහ නොහැකියාව නිසා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි.
වසර එක හමාරකින් මේ රට මෙම තත්ත්වයට පත් කළා නම් තව වසර කිහිපයකින් රට ඉතා ඉහළ තැනකට ඔසවා තැබීමට තමන්ට හැකියාව ඇති බව අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය. ජනතාව ලබා දුන් ජනවරම ආරක්ෂා කරමින් ඒ වෙනුවෙන් රජය මේ වන විටත් වැඩ කරමින් සිටින බව ඇය කියා සිටියාය.
මැයි 01 වැනිදාට යෙදී තිබූ ලෝක කම්කරු දිනය සැමරීම වෙනුවෙන් “ජන රජයට ජන බලයක්” යන තේමාවෙන් රත්නපුර නගරයේදී පැවති මැයි දින රැලියේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.














