2026 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 25,082ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් වන අතර, කොළඹ මහනගර සභා සීමාවෙන් ද ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. 2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇත.
යම් පුද්ගලයෙකුට දින 2කට වඩා උණ පවතින්නේ නම්, වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමුවී ඩෙංගු රෝගය දැයි තහවුරු කරගන්නා ලෙස වෛද්‍යවරු උපදෙස් දෙති. වෛද්‍ය උපදෙස් ලැබෙන තෙක් පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ඖෂධයක් භාවිත නොකරන ලෙසත්, මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වන ලෙසත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් දැනුම් දෙයි.














