අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටියදී අභිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද (මැයි 02) පස්වරුවේ සිදු කිරීමට නියමිතය.
පසුගිය 30 වන දින සිය නිවසේ ගෙවත්තේදී මියගොස් සිටියදී හමුවූ ඒ මහතාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් පරීක්ෂණ පවත්වන ලදී. එම විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත, මෙම මරණය ඔහු විසින්ම සිදුකරගත් තුවාල හේතුවෙන් සිදුවූ දිවි නසාගැනීමක් බව ඊයේ (01) තහවුරු කෙරිණි.














