ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිත්‍ය බල හමුදාවේ පවතින වෘත්තීය නිලධාරි පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් අයඳුම්කරුවන්ගෙන් අයඳුම්පත් කැඳවීමට පියවර ගෙන තිබේ. මෙම පුරප්පාඩු සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු සහ අයඳුම් කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයන්ට යුද්ධ හමුදාවේ නිල වෙබ් අඩවිය (www.army.lk) වෙත පිවිසීමෙන් එම දත්තයන් ලබා ගත හැකි බව යුද්ධ හමුදාව නිවේදනය කර ඇත.














